Gossips

විදෙස් මත්පැන් සහ දුම්වැටි සමඟ ඉන්දියානුවන් පස්දෙනෙකු අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව මෙරටට රැගෙන එන ලද විදේශීය මත්පැන් සහ දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයන් පස්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේ විදෙස් මත්පැන් බෝතල් 45 ක් සහ විදේශීය දුම්වැටි 2200 ක් සැකකරුවන් ළඟ තිබී සොයාගත් බවයි.
අවුරුදු 34 ත්, 38 ත් අතර වයස්වල පසුවන සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.