නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී  අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
පොලීසිය සඳහන් කළේ ගුවන් තොටුපල පැමිණීමේ පර්යන්තයේදී සැකකාර ඉන්දීය ජාතිකයා විදේශීය මත්පැන් බෝතල් 9 ක් සමඟ ඊයේ අත්අඩංගුවට ගත් බවයි. 
22 හැවිරිදි මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී රුපියල් 9,000 ක දඩයක් මත මුදාහැර තිබෙනවා.



