Gossips

විදෙස් තරුණිය රූගත කළ හෝටල් සේවකයා දැලේ

හෝටලයකදී විදෙස් තරුණියක් වැසිකිලියට ගිය අවස්ථාවේ එය රූගත කිරීමට ගිය පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ හෝටලයේ සේවකයෙකු බවයි වාර්තා වන්නේ.
අදාළ සිදුවීම වාර්තා වන්නේ වැල්ලවාය ප්‍රදේශයේ සංචාරයක හෝටලයකින්.
එහිදී සැකකාර හෝටල් සේවකයා විසින් එම ඉන්දියානු ජාතික තරුණියක් වැසිකිළියට යනතුරු බලා සිට එහි දොර ආසන්නයට ගොස් තිබෙනවා.
අනතුරු දොර ආසන්නයෙන් ජංගම දුරකථනය ඇතුළු කරමින් මෙලෙස ඡායාරූප ගැනීමට උත්සහ කර ඇති බවයි අනාවරණ තොරතුරු වාර්තා වන්නේ.
පසුව අදාළ තරුණිය මෙම සිදුවීම පිළිබඳව හෝටලයේ කළමනාකරු දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට කළ දැනුම්දීමකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල කොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකුයි.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැල්ලවාය පොලිසියයි වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන්නේ.