Gossips

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සහ ත්‍රිරෝද රථ හිමියන්ට සහන ණය

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රුපියල් මිලියන 10 ක් දක්වා සහන නිවාස ණයක් ලබාදීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එමෙන්ම ත්‍රිරෝද රථ රියදුරන්ට කුඩා මෝටර් රථ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ විස්සක් දක්වා සහන ණයක් ලබාදීමටද බලාපොරොත්තු වන බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන පුළුල් කිරීම යටතේ මෙම ණය සහන ලබාදීමට නියමිතයි.
මෙහිදී විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදෙන නිවාස ණය වසර 15 ක් තුළදී ගෙවා නිම කළ යුතු අතර, ඒ සඳහා වසර දෙකක සහන කාලයක්ද හිමිවනවා.
මේ සඳහා සුදුසුකම් ලැබීමට සංක්‍රමණික සේවකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විය යුතු අතර, සිය ඉපයීම්වලින් කොටසක් දේශීය බැංකුවක තැන්පත් කළ යුතුවනවා.