Gossips

විදෙස් ආයෝජකයන් කෝටි 8270ක භාණ්ඩාගාර බිල්පත් සහ කොටස් වෙළදපොළ ආයෝජන ඉවත් කර ගනී

විදේශීය ආයෝජකයන් මෙරට සමාගම් කොටස් සහ බැඳුම්කරවල සිදුකළ ආයෝජන ඉවත් කර ගැනීම ද, රුපියල අසාමාන්‍ය ලෙස අවප්‍රමාණවීමට හේතු වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
මේ වසරේ මේ දක්වා එලෙස විදේශීය ආයෝජකයන් ඉවත් කර ගත් ආයෝජනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 500ට ආසන්න වී ඇති බව සඳහන්.
විදේශීය ආයෝජකයන් වසරේ මේ දක්වා රුපියල් කෝටි 8270ක් වටිනා රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ කොටස් වෙළදපොළ සමාගම් කොටස් ඉවත් කරගෙන තිබෙනවා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට රුපියල් 170 දක්වා අවප්‍රමාණ වී ඇති අතර, වසරේ මේ දක්වා එය සියයට 10.8කින් පමණ පහත වැටීම විශේෂත්වයක්.
රුපියල රැක ගැනීමට මහබැංකුව පාර්ශ්වීය වශයෙන් මැදිහත්වීමත් සමඟ මෙරට විදේශ සංචිතය ද ඩොලර් බිලියන 7.2 දක්වා පහත වැටුණා.
කොටස් වෙළදපොළ සමස්ත දර්ශකය සහ ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය 2018 වසර තුළ සියයට 10කින් සහ සියයට 20කින් පහත වැටී තිබෙනවා.