Gossips

විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් අත්අඩංගුවට

පුද්ගල ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු T 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇල්පිටිය කොට්ඨාශ නීතිය බලගැන්විමේ ඒකකය විසිනුයි ඊයේ රාත්‍රී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පසුගිය අප්‍රෙල් 4 වනදා කොස්ගොඩ සංචාරක හෝටලයක් අසලදී වාහනයකින් ගමන් කරමින් සිටි විදේශිකයෙකුට සහ තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම මෙම පුද්ගලයාට එරෙහි චෝදනාවයි.
39 හැවිරිදි සැකකරු ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ඕපාත කංකානම්ගේ සමන්ත චන්ද්‍රලාල් නොහොත් ප්‍රෙඩී යන අයෙක්.
ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක්, ජීව උණ්ඩ 30 ක් සහිත පතොරම් ගැබක්, අපරාධයට යොදාගත් යතුරුපැදිය, සිම්පත් සමග ජංගම දුරකථන 3 ක්, කැමරාවක් සහ විදේශ ගමන් බලපත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම සැකකරු කලක් යුද හමුදාවේ සේවය කර පළාගිය අයෙක් වන බවයි.
ඔහු දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීතමයෙකු ද වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ඍජුවම සම්බන්ධ අයෙක් බවට ද තොරතුරු හෙළිවී තිබෙනවා.
මෙම පුද්ගලයා වැඩිදුර විමර්ශණ සඳහා අම්බලන්ගොඩ පොලිසියට ඉදිරිපත් කර ඇති අතර අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.