එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සඳහා පිටත්ව ගොස් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක් සොයා ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහය පතනවා.
මෙලෙස තොරතුරු අවශ්‍ය වී ඇත්තේ මතුගම කන්දහේන ප්‍රදේශයේ පදිංචිව සිටි බී රූපිකා චාන්දනී නම් කාන්තාවක් පිළිබඳවයි.
ඇය 2013 වසරේ ජනවාරි 26 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබුනා.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ මෙතෙක් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවයි.
ඇය සම්බන්ධයෙන් තොරතුරක් දන්නා අයෙක් සිටී නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමත අංශයේ 0112864136 අංකයට දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිනවා.
