බියගම – අල්මහමුද් විද්‍යාලයේ විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමකට විරෝධය පළ කරමින් දෙමව්පියන් පිරිසක් අද (04) උදෑසන එම විදුහල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කළා.
පසුගිය 27 වන දා සිසුන් දෙදෙනෙකුට දඬුවම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙමව්පියන් සිදුකළ පැමිණිල්ලකට අනුව විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඊට එරෙහිවයි තවත් දෙමව්පියන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිතර වූයේ.
