දෙමළ භාෂා ප්‍රවීණතාව සම්බන්ධයෙන් සංශෝධිත චක්‍රලේඛය නිකුත් කරන ලෙස ඉල්ලා විදුහල්පතිවරුන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතා පාගමනක නිරත වුණා.
නිදහස් චතුරස්‍රය ආසන්නයේ සිට පාගමනින් පැමිණි ඔවුන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත පැමිණ එම ස්ථානයේ සිට මේ වනවිට විරෝධතාවයේ නිරත වන බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
