Gossips

විදුහල්පතිවරුන්, කිරි ගොවීන් විරෝධතාවල

විවිධ ඉල්ලීම් මුල්කර ගනිමින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (13) විරෝධතා පැවැත්වුණා.
ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අද උදෑසන විරෝධතාවක නිරත වුණේ වසර 3ක කාලයක සිට විදුහල්පතිවරුන්ගේ උසස්වීම් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවට චෝදනා කරමින්.
මේ අතර, රෝහල්වලින් ඉවත් කරන රසායනික අපද්‍රව්‍ය මුල්ලේරියාව රෝහල් භූමියේ ඉදිකර ඇති දහනාගාරයේදී පිළිස්සීමට විරෝධය පළ කරමින් මුල්ලේරියාව රෝහල අසළ ද අද (13) විරෝධතාවක් පැවැත් වූ අතර, මුල්ලේරියාව හිඹුටුඋයන නිවාස යෝජනා ක්‍රමයේ සුබසාධක සංගමයේ විසින් එය සංවිධාන කර තිබුණා.
මේ අතර, තමන් ලබාදෙන කිරි සඳහා නියමිත වේලාවට මුදල් නොගෙවන බවට චෝදනා කරමින් කිරි ගොවීන් පිරිසක් ද ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.