Gossips

විදුහල්පතිනිය මියයාමේ සිද්ධිය ගැන අදත් විරෝධතාවක්

අධ්‍යාපන අමාත්‍යංශය මගින් සංවිධානය කර තිබූ විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළුවකට සහභාගි වූ හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය හදිසි අනතුරකින් මියයෑම සම්බන්ධයෙන් වන පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලා එම පාසලේ ගුරුවරුන් සහ දෙමව්පියන් පිරිසක් අදත් විරෝධතාවක නිරතවුණා.
ඔවුන් හම්බන්තොට බස් නැවතුම්පල ඉදිරිපිට විරෝධතාව පැවැත්වූ අතර, ඒ අතරතුර විරෝධතාවයේ නිරත පිරිස් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.