Gossips

විදුහල්පතිනියක් මියයාමේ වගකීම රජය භාරගත යුතු බව ගුරු සේවා සංගමය කියයි

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධාන කළ නායකත්ව පුහුණු කඳවුරක් අතරතුරදී සිදුවූ අනතුරකින් විදුහල්පතිනියක් මියයාමේ වගකීම රජය භාරගත යුතු බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලද ඇරයුමකට අනුව හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය කුරුණෑගල වාරියපොළ වයඹ පුහුණු මධ්‍යස්ථානයේ පැවැති නායකත්ව පුහුණු කදවුරට සහභාගී වී සිටි අතරතුරදී සිදුවූ අනතුරකින් මියගියා.
විදුහල්පතිනිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට බදුන් වුණා.