Gossips

විදුහල්පතිගෙන් පහරකෑ සිසුවෙකු රෝහලේ

බලංගොඩ – එගොඩවලේගොඩ විද්‍යාලයේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවෙකුට විදුහල්පතිවරයා විසින් පහරදී තිබෙනවා.
පහරකෑමට ලක් වූ සිසුවා මේ වනවිට රත්නපුර මහරෝහලේ තුන්වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, පෙරේදා උදෑසන පාසලේදී ඇති වූ සිද්ධියක් පදනම් කරගෙන විදුහල්පතිවරයා විසින් තමන්ගේ කණ හරහා පහරක් එල්ල කළ බවයි සිද්ධියට මුහුණදුන් සිසුවා කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් පින්නවල පොලීසියෙන් සිදුකළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
එහෙත් සිසුවාගේ පාර්ශවයේ කිසිවෙකුත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් මෙතෙක් පැමිණිලි කර නොමැති බව ද ඔහු කියා සිටියා.