Gossips

විදුලි සෝපානයට ඇතුළු වී කාන්තාවකට කළ අමානුෂික අපරාධය

විදුලි සෝපානයක් තුළදී කාන්තාවකට අමානුෂිකව පහරදෙන අයුරු දැක්වෙන CCTV වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ මැලේසියාවේ ක්වාලාලම්පූර් ප්‍රදේශයෙන්.
එහිදී කාන්තාවක් පසුපසින් පැමිණෙන අයෙකු එක්වරම විදුලි සෝපානයට ඇතුළුවනවා.
ඉන් අනතුරුවයි සැකකරු විසින් අමානුෂිකව එම කාන්තාවට පහරදෙන්නේ.
නොසිතූ මොහොතක එල්ලවූ මෙම පහරදීම් හමුවේ එම කාන්තාව එක්වරම බිම් ඇදවැටෙන අතර සැකකරු එම අවස්ථාවේද කාන්තාවට දැඩිලෙස පහරදෙනවා.
බිම වැටී සිටි කාන්තාව සිය අත්බෑගය රැකගැනීමට උත්සහ ගත්තද සැකකරු විසින් එය උදුරාගෙන එහි තිබූ ඇයගේ මුදල් පසුම්බිය රැගෙන පලාගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් එහි CCTV දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව එරට බලධාරීන් විසින් මේ පිළිබඳව විශේෂ විමර්ශයක් ආරම්භ කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බවයි බලධාරීන් පෙන්වාදෙන්නේ.
මේ අතර බලධාරීන් විසින් මෙම සිදුවීමත් සමඟ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සියලුම කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ සෑම අවස්ථාවකම තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි.
අදාළ පහරදීම දැක්වෙන CCTV දර්ශන පහතින්.