ගාල්ල, රත්ගම, සිරිකඳුරවත්ත ප්රදේශයේ අධි බලැති විදුලි රැහැනක නඩත්තු කටයුත්තක නිරත වී සිටි විදුලි සේවකයෙකු විදුලි සැර වැදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හික්කඩුව තොටගමුව ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
ඊයේ (02) සවස මෙම අනතුර සිදුවී ඇති බවයි රත්ගම පොලිසිය පැවසුවේ.
මෙම සිද්ධියත් සමඟ සිරිකඳුර වත්ත ප්රදේශයේ ජනතාව සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබෙනවා.
ජනතාව චෝදනා කරන්නේ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම ජීවිතය අහිමි වී ගිය බවයි.