පැපොල් වගාව ආරක්ෂා කිරීම සඳහා අදින ලද අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමේන් මින්නේරිය, රත්මලේ ප්‍රදේශයේ දී අද(01) අළුයම වන අලියෙකු මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය රක්ෂිතයේ සැරිසැරූ උස අඩි අට හමාරක් පමණ වන වයස අවුරු 35ක වන අලියෙකු බවයි වනජීවි නිලධාරීන් පවසන්නේ.
වන අලියා මිය යාම සම්බන්ධයෙන් අදාළ ඉඩම් හිමියා වන ජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මිය ගිය වන අලියාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය ගිරිතලේ වන ජීවි පශු වෛද්‍ය ඒකකය විසින් සිදු කිරීමට නියමිත බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
