දඹුල්ල – ලෙනදොර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් අඹු – සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඔවුන්ගේ පුත්‍රයාට ද විදුලිසැර වැදී ඇති අතර ඔහු මේ වන විට දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
කෙක්කක් ආධාරයෙන් පොල් කඩමින් සිටියදී ඔවුන්ට මෙලෙස විදුලිසැර වැදී ඇති බව සඳහන්.
