අම්පාර දීඝවාපිය ප්‍රදේශයේදී විදුලි සැර වැදීමේන් වන අලියෙකු මිය ගොස් තිබෙනවා.
සත්ව ගොවිපලක ඉදිකර තිබු අනවසර විදුලි රැහැනක ගැටීමෙනුයි මෙම වන අලිය මිය ගොස් ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ගොවිපළේ හිමිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අක්කරෙයිපත්තුව පොලිසිය සහ වනජීවී කාර්යාලය එක්ව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය වන අලියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමුකර තිබෙනවා.
