Gossips

විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් (ඡායාරූප)

ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඊයේ (17) සමරණු ලැබුවා.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙවර එය සමරනු ලැබුවේ "සැමට කෘත්‍රිම බුද්ධියේ යහපත් භාවිතය" යන තේමාව යටතේයි.
ඒ වෙනුවෙන් ඊයේ (17) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී දෙදින වැඩමුළුවක් ද ආරම්භ කෙරුණ අතර එහි ප්‍රධාන පුහුණුකරුවා වූයේ ආසියා පැසිෆික් විදුලි සංදේශ සංගමයේ විශේෂඥ ජොනී කිම්.
සෑම වසරකම මැයි මස 17 දිනට යෙදෙන ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය යෙදී තිබෙනවා.