Gossips

විදුලි බිලෙහි වැඩි වීමක් නැහැ – තවත් විදුලිය මෙගාවොට් 500ක් ජාතික පද්ධතියට – දකුණේ මන්ත්‍රීවරුන් පන්දම් රැගෙන සභාවට

පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිය මෙගාවොට් 500ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
කෙසේ වෙතත්, විදුලිබිල වැඩි කරන බවට පැතිර යන රාවයේ කිසිදු සත්‍යතාවක් නොමැති අතර, එලෙස විදුලිබිල වැඩි කිරීමට කිසිදු අවස්ථාවක පියවර නොගන්නා බවයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද පැවති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
එමෙන්ම, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පෞද්ගලික නිවාඩු වාර්තා කරමින් අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
මෙහිදී සේවක වැටුප් ගැටලුව සහ වත්මන් විදුලි අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුවූ බවයි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ප්‍රකාශ කළේ.
මේ අතර, දකුණු පළාත් සභාවේ අවසන් සැසිවාරය අද පෙරවරුවේ පැවැත්වුණු අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පන්දම් රැගෙන පලාත් සභා පරිශ්‍රයට පැමිණියේ විදුලි අර්බුදයට විරෝධය දක්වමින්.

rn