Gossips

විදුලි කාර්මික වෘත්තියට ජාතික වැඩසටහනක්

විදුලි කාර්මිකයන් සඳහා ජාතික වෘත්තීයමය සුදුසුකම සහ පිළිගත් බලපත්‍රයක් පිරිනැමීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මෙම වැඩසටහන මගින් වෘත්තිමය සංවර්ධනයට අවශ්‍ය ආයතනික රාමුවක් සකස් කිරීමට අපේක්ෂා කරන බවයි එම සභාව සඳහන් කළේ.
එමෙන්ම මෙම වැඩසටහනට ක්ෂේත්‍රයේ ප්‍රවීනයින්, කර්මාන්තකරුවන් සහ මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට නියමිතයි.