විදුලි කාර්මික වෘත්තීයට ජාතික පිළිගැනීම ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ශ්‍රී මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.
මේ හරහා සියලුම විදුලි කාර්මිකයන් සඳහා ජාතික මට්ටමේ වෘත්තිමය සුදුසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඒ අනුව සියලු විදුලි කාර්මිකයන් සඳහා පිළිගත් බලපත්‍රයක් පිරිනැමීම හරහා සියලුම විදුලි කාර්මිකයන් පිළිගත් වෘත්තිකයන් බවට පත්කිරීමයි එහි මූලික අරමුණ වී ඇත්තේ.
මෙහි මුල් පියවර ලෙස සියලු විදුලි කාර්මිකයන්ට නිකුත් කරණු ලබන බලපත්‍රය වසර 3 ක කාලයක් වලංගු වනු ඇති.
පසුව NVQ 3 වන මට්ටමට පැමිණීමෙන් අනතුරුව ඔවුන් සඳහා ස්ථීර බලපත්‍රය නිකුත් කෙරෙනු ඇති.
මේ අතර යෝජිත නව ක්‍රමවේදය මගින් විදුලි කාර්මික ශ්‍රේණි හඳුන්වාදෙන බවයි නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
අදාළ නව ක්‍රමවේදය සකස් කිරීමට පෙර ඒ සඳහා මහජන අදහස් එකතු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳව අදහස් සහ යෝජනා [email protected] යන ඊ මේල් ලිපිනයට යොමුකළ හැකියි.
මේ සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ඉදිකිරීම් කත්මාන්ත සංවර්ධන ආයතනය,ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම දායකත්වය හිමිවනු ඇති