විදුලි කප්පාදුවට හේතුව ජල හිඟය නොව නිසි විදුලි ජනන සැලැස්මක් සැකසීමට ආණ්ඩුවට නොහැකිවීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව කියා සිටියා.
මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සඳහන් කළේ විදුලි අර්බුදය විසදීමට විදුලිබල මණ්ඩලයට කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන සැලසුම් නොමැති බවයි.
