Gossips

විදුලි කණුවක් හිස මතට වැටී අවසන් වූ ජීවිතය

යාපනය, කරනවායි දකුණ, වීරප්පිරායි ප්‍රදේශයේදී විදුලි කණුවක් හිස මතට වැටීමෙන් ඊයේ (06) විදුලිබල මණ්ඩලයේ කාර්මික නිලධාරියෙක් මියගොස් තිබෙනවා.
නෙල්ලිඅඩි පොලීසිය ප්‍රකාශ කළේ මෙලෙස මියගොස් ඇත්තේ යාපනය තුන්නාලෙයි උතුර ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක් බවයි.
ලොරි රථයක් ගැටීමෙන් හානි වී තිබූ විදුලි කණුවක් ඉවත් කිරීමට යාමේදී එම විදුලි කණුව මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම සේවකයාගේ හිස මතට වැටි ඇති බවයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා යාපනය රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මිය ගොස් සිටි බවයි වාර්තා වන්නේ.