Gossips

විදුලි ඉංජිනේරුවන් අද පස්වරුවේ සිට අකුර වැඩ

විදුලි ඉංජිනේරුවන් ද අද පස්වරුවේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ විදුලිබල මණ්ඩලයේ දිගුකාලීන අඩු වියදම් ජනන සැලැස්මට මෙතෙක් අනුමැතියක් නොලැබීම හේතුවෙන්.
කෙසේ වෙතත්, ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේ ඉංජිනේරු සංගමයේ මතයට තම සංගමය ද සහය පල කරන බවයි.
නමුත්, ඔවුන් තම සංගමය සමඟ සාකච්ඡානොකළ බව ද ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් අප කළ විමසීමකදී කියා සිටියා.
මේ අතර, සති දෙකක් ඇතුළත මිල සූත්‍රයක් හඳුන්වා නොදෙන්නේ නම් සේවයෙන් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ද අද ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සම ලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද දිනයේදී විෂය භාර අමාත්‍යවරයාට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවයි.