Gossips

විදුලි ඉංජිනේරුවන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත්

විදුලි ජනන සැලැස්ම අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.
ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ මෙම ගැටළුවට විසඳුම් ලැබෙන තුරු මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අඛන්ඩව සිදුකරන බවයි.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම විදුලිය බිඳ වැටීමේ සිදුවීම් වාර්තාවී තිබුණා.