Gossips

විදුලි අර්බුදය සංවිධානාත්මක කුමන්ත්‍රණයක් – මහින්දානන්ද මැතිසබයේදී කියයි

වර්තමානයේ රට පුරා සිදුවන විදුලි කප්පාදුව සහ දැනට පවතින විදුලි අර්බුදය සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ, 2019 අයවැය දෙවන වර කියවීමේ 14 වන දින විවාදයට එක්වෙමින්. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මෙන්ම මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.