Gossips

විදුලි අර්බුදයට සැබෑ හේතුව ජල මට්ටම නොවේ

පවතින විදුලි අර්බුදයට සැබෑ හේතුව ජලාශ වල ජල මට්ටම් අඩුවීම නොව, පසුගිය වසර කිහිපය තුළ නව විදුලි බලාගාර ඉදි නොකිරිම බව බලශක්ති විශේෂඥ අචාර්ය තිලක් සියඹලාපිටිය පෙන්වා දෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සාම්පුර් විදුලි බලාගාරය ඉදිනොකිරිමට රජය ගත් තිරණයේ ප්‍රතිවිපාක මේ වනවිට අත්විදිමින් සිටින බවයි.
මේ වන විට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම් ඊයේ දිනයට සාපේකෂව සියයට 7 කින් අඩු වී ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරනවා.
ඊයේ දිනයේදී සියයට 37ක්ව පැවැති ජලාශ වල ජල මට්ටම් අද වනවිට සියයට 30 දක්වා අඩු වී ඇති බව සඳහන්.
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලද ජල මට්ටම් අද වන විට අඩි 50 දක්වා පහළ බැස තිබෙනවා. එම නිසා ජලාශ වල දුපත් රැසක් ද මතු වී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විදුලි කප්පාදුව මෙරට ආර්ථික වර්ධනය කෙරෙහි අයහපත් අන්දමින් බලපානු ඇති බවයි බලශක්ති විශේඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය වැඩිදුරටත් කියා සිටියේ.
රථවාහන මාර්ග ආලෝක සංඥා ද විදුලි කප්පාදුව සිදුවන කාලසිමාවේදී ක්‍රියාත්මක නොවන බව පොලිසීය ප්‍රකාශ කළා. මේ හේතුවෙන් එම ප්‍රදේශ වලට අමතර රථවාහන අංශයේ නිළධාරින් රාජකාරියේ යෙදවිමට සිදුව ඇති බවයි පොලිස් රථවාහන කොට්ඨාශය සඳහන් කළේ.
පවතින වියළි කාලගුණය හේතුවෙන් විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරිමට අදාළ යෝජනාවට අමාත්‍ය මණ්ඩයේ අනුමැතිව හිමිව තිබෙනවා. මාස තුනක කාලය සඳහා විදුලි පරිභෝජනය සියයට 10 කින් අඩු කිරිමේ සැලැස්ම ද, ඊයේ විෂය භාර අමාත්‍ය රවී කරුණානායක විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා.