Gossips

විදුලිසැර වැදී 3 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

මාන්කුලම – නට්ටකණ්ඩාල් ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් කුඩා දරුවෙකු ඊයේ (21) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙම දරුවා සිය නිවස තුළ සිටියදී මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අනතුරට ලක්වූ මෙම දරුවා මල්ලාවි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට මාරු කර යැවීමේදී ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 3 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි කුඩා දරුවෙක්.