Gossips

විදුලිසැර වැදී වන අලියෙකු මරුට

සීගිරිය මහසෙන් ගම ප්‍රදේශයේදී වන අලියෙකු විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා.
වගා ආරක්ෂාවට දැල්වීම සඳහා සවිකර තිබු විදුලි බල්බයක වයරයක් සපාකෑමෙන් වන අලියාට විදුලිසැර වැදී ඇති බවයි වනජීවී නිලධාරින් පැවසුවේ.
මියගිය වන අලියා වයස අවුරුදු හතළිහක් පමණ වන බවයි වනජීවී නිලධාරින් වැඩිදුරටත් කියා සිටියේ.
වන අලියා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.