සීගිරිය – මහසෙන්ගම ප්‍රදේශයේ ඉඩමක තිබී විදුලි සැර වැදී මියගිය, වයස අවුරුදු 40 ක පමණ වන අලියෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා.
වන අලින්ගෙන් වගාවට හානි සිදුවීම වළක්වා ගැනීම සඳහා ඉඩමේ හිමිකරු විදුලි රැහැන් සවිකර තිබූ බව සඳහන්.
ඒ අනුව පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
