අම්පාර උහන කුමාරිගම ගම්මානයේ නිවසක් ආසන්නයේ දී විදුලිසැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.
මෙම වන අලියා වයස අවුරුදු 25 ක පමණ වයසකින් යුත් පිරිමි සත්වයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අවස්ථා කිහිපයකදීම මෙම වන අලියා අදාළ නිවසේ වී කෑම සඳහා පැමිණ ඇති අතර නිවෙස හිමිකරු විසින් වන අලින් පැමිණීම වැලැක්වීම සඳහා නිවෙස වටා විදුලි බල්බ දමා ආලෝක කර තිබෙනවා.
රාත්රී කාලයේ වී ආහාරයට ගැනීම සඳහා පැමිණි වන අලියෙකු විදුලි ආලෝකය ලබාගෙන තිබු වයරයක් කැඩීමට උත්සාහ කිරීමේ දී විදුලිසැර වැදී මියගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.
සිද්ධියට අදාළව නිවෙස් හිමිකරු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අම්පාර මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.