Gossips

විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

අරලගංවිල 10 කණුව ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් තිබෙනවා.
එම නිවසට ජලය ලබාගැනීම සඳහා යොදා තිබූ මෝටරයට විදුලිය ලබාගෙන ඇති වයරය ඇල්ලීමට යාමේදී ඔහු අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ පදිංචිව සිටි 72 හැවිරිදි පුද්ගලයෙක්.
මෘත ශරීරය අරලගංවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
අරලගංවිල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.