Gossips

විදුලිසැර වැදීමට සලස්වා වන අලියෙකු ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

විදුලිසැර වැදීමට සලස්වා වන අලියෙකු ඝාතනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පෙරවරුවේ වන අලියාගේ සිරුර සොයා ගැනුනේ හබරණ පුවක්පිටය ප්‍රදේශයේ තිබියදීයි.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුනේ පුවක්පිටිය ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අයෙක් වන අතර ඔහු වෘත්තියෙන් ධීවර කාර්මිකයෙකු වන බව සඳහන්.
උසින් අඩි 7 හමාරක් පමණ වන මියගිය වන අලියාගේ වයස අවුරුදු 15 ත් 20 ක් අතර වන බවයි වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ.
මෙම සත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුනා.
සැකකරු සිය නිවසින් විදුලිය ලබාගෙන නිවස වටා අනාරක්ෂිත නීති විරෝධී විදුලි වැටක් ඉදිකර ඇති අතර එහි ගැටීමෙනුයි වන අලියා මියගොස් ඇත්තේ.
අත්අඩංගුවට ගත සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඡායාරූප – කැකිරාව කුෂාන් ජයවර්ධන