Gossips

විදුලිවැට නඩත්තුවට යෙදවූ සිවිල් ආරක්ෂක භටයින්ට දීමනා ගෙවා නොමැති බවට තොරතුරු

වනජීවි දෙපාර්තමේන්තුව මගින් වන අලි තර්ජන සහිත ප්‍රදේශවල ඉදිකර ඇති විදුලි වැට නඩත්තු කිරීමේ කාර්යය සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක භටයන්ට ගෙවනු ලබන මාසික දීමනාව මාස 6ක සිට ප්‍රමාද වී ඇති බවට වාර්තා වනවා.
වන අලි සංරක්ෂණ වැඩසටහන යටතේ මෙම විදුලිවැට නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් දහසකට අධික පිරිසක් අනුයුක්ත කර ඇති බව සඳහන්.
ඔවුන්ට මාසිකව රුපියල් 3750ක මාසික දීමනාවක් වනජීවි දෙපාර්තමේන්තුව මගින් ගෙවනු ලබනවා.
මේ සම්බන්ධයෙන් සිවිල් දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා.