නීතිවිරෝධී ලෙස පසුගිය වසරේ විදුලිය ලබා ගත් පුද්ගලයින් දෙදහස් පන්සිය විසි දෙදෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හැකි වී තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ වැටලීම්වලින් මීටර වෙනස් කර විදුලිය ලබා ගැනීමේ සිද්ධීන් 2269ක් සහ කොකු යොදා විදුලිය ලබා ගැනීමේ සිද්ධීන් 253ක් ද අනාවරණ වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
වංචනික ලෙස විදුලිය ලබා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු ලංකා විදුලිබල මණ්ඩලයේ 1901 සහ 1987 යන ක්ෂණික දුරකථන ඇමතුම්වලට දැනුම් දිය හැකියි.