Gossips

විදුලිය සැපයුම පස්වරුවේ යථා තත්ත්වයට

නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරයේ අක්‍රිය වූ දෙවන ජනන යන්ත්‍රය මේ වනවිට ක්‍රියාත්මක කර ඇතත් එය ජාතික පද්ධතියට එක් කිරීම සඳහා තවත් පැය දෙකක පමණ කාලයක් ගත වනු ඇති බව එහි බලගණ කළමණාකරු චන්ද්‍රසිරි ගාල්ලගේ පවසනවා.
එතෙක් විටින් විට ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ඊයේ පස්වරුවේ සිට මේ දක්වා කාලය තුල විටින් විට විදුලිබලය ඇණහිටිනු ලැබුවා.
කෙසේ වෙතත් දැනට ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර ඇති බැවින් එය ජාතික පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වනු ඇති බවයි නොරොච්චෝලේ ලක් විජය ගල් අගුරු බලාගාරයේ බලගණ කළමණාකරු චන්ද්‍රසිරි ගාල්ලගේ කියා සිටියේ.