Gossips

විදුලිය යථා තත්ත්වයට

විදුලි රැහැන් පද්ධතිවලට ගස් කඩා වැටීම හේතුවෙන් බිද වැටුණු විදුලිබල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ඊයේ පස්වරුවේ වැසි සමග ඇති වූ තද සුළගත් සමග කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය, පාදුක්ක, හොරණ, අවිස්සාවේල්ල සහ මීපේ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වුණා.
විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට විදුලි පාරිභෝගිකයන් 42,000 කට පමණ මෙහිදී විදුලිය විසන්ධි වී තිබූ බවයි.
මේ අතර, ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිමකර අපේක්ෂිත මෙගාවොට් 120 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක කියා සිටියා.
ඔහු මේ බව කියා සිටියේ උමාඔය බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.