Gossips

විදුලිය මැද, ජල සැපයුමත් අර්බුදයක

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට බාධා එල්ල වෙමින් පවතින බව ජල සම්පාදන වෘත්තීය සමිති පෙන්වා දෙනවා.
ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමය කියා සිටියේ ජල ප්‍රභවයන්හි ජල මට්ටම පහත බැසීම හා විදුලිය කපා හැරීමේ බලපෑම වැනි හේතූන් මෙලෙස ජල සැපයුමට බාධා එල්ල කරන බවයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටළුවට විසදුම් සෙවීමට මණ්ඩලයේ පරිපාලනය සහ ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවයි.
විදුලිය විසන්ධි කිරීම් සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියේ මෙම ජල සැපයුම අත්හිටුවීම හෙට පෙරවරු 9 දක්වා ක්‍රියාත්මක බවයි.
මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලටයි.
එසේම, කොටිකාවත්ත, මුල්ලේරියාව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස ප්‍රදේශවලට ද හෙට පෙරවරු 9 දක්වා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.