Gossips

විදුලිය ජනනය වන සෙල්ලම් බඩු විකිණූ වෙළෙන්දෙකුට දඩ

කුඩා ළමයින් රුචිකත්වයක් දක්වන චොකලට්, චුයින්ගම් වැනි ආහාරවල ස්වරූපයට සමාන විදුලිය ජනනය වන සෙල්ලම් භාණ්ඩ අලෙවි කළ වෙළෙන්දෙකු පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක් අසළ මෙම සෙල්ලම් භාණ්ඩ අලෙවි කර ඇති අතර, ඒවායෙන් වොට් 12 ක පමණ විදුලියක් ජනනය වන බවයි පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටියේ.
මෙම සෙල්ලම් භාණ්ඩ චීනයේ නිපදවා ඇති බවත් පිටකොටුව චයිනා වීදියේ මේවා තොග වශයෙන් අලෙවි කරන බවටත් මූලික පරීක්ෂණවලදී හෙලිව තිබෙනවා.
ඒ අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 10,000 ක දඩයක් සහ තොග වශයෙන් අලෙවි කළ පිටකොටුව ප්‍රදේශයේ අලෙවිසැළේ හිමිකරුට රුපියල් 30,000 දඩයක්ද නියම කර ඇති බව සඳහන්.