Gossips

විදුලිය ඉල්ලා නොරොච්චෝලේ ඉදිරිපිට විරෝධතාවක්

තම වෘත්තිය ක්‍රියාමාර්ගයට අමතරව ලබන අගහරුවදා සිට නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු වලින් ඉවත් වන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.
ඒ, දිගු කාලීන විදුලි ජනන සැලැස්මට මහජන උපයෝගිතා කොමිසම මෙතෙක් අනුමැතිය ලබා නොදීමට සහ නොරොච්චෝලේ බලාගාරයේ පාරිසරික වාර්තා කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලමින්.
පසුගිය මැයි මස 09 වනදා සිට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.
පසුගිය බදාදා සිට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ තවත් එක් පියවරක් ලෙස පෙරවරු 8.30 සිට පස්වරු 4 පසු විදුලිය හදිසි බිඳවැටීම්, සහ අලූත්වැඩියා කටයුතු වලින් ඉවත් වුණා.
කෙසේ වෙතත්, මේ වනවිටත් බලධාරින් තම ගැටලූ වලට විසදුම් ලබා නොදිම හේතුවෙන් ලබන අගහරුවදා සිට නොරොච්චෝලේ බලාගාරයේ කටයුතු වලින් ඉවත් වන බවයි විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ඊයේ කොළඹ කැඳවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් පුත්තලම කල්පිටිය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ සිට විදුලිය ඇණහිට තිබුණා.
පසුව අද පෙරවරුවේ ප්‍රදේශවාසින් විදුලිය ලබා දෙන ඉල්ලමින් නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූයේ එහි සේවකයන් රැගෙන යන බස් රථ වලට බලාගාරය තුළට යාමට නොහැකි ලෙස මාර්ග අවහිර කරමින්.
පසුව විදුලිය ලබා දිමත් සමග විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත් වු බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
එමෙන්ම වැසි සහිත කාලගුණය සමග බදුල්ල, බණ්ඩාරවෙල, බුත්තල,ප්‍රදේශවල විදුලිය ඇණහිට තිබෙනවා.
මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම ප්‍රදේශ වල විදුලිය යථා තත්ත්වයට පත් කිරිමේ ප්‍රමාදයක් ඇකි විය හැකි බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන සඳහන් කලේ.