Gossips

විදුලිබිල සංශෝධනයක් නැහැ, රාජ්‍ය ඇමති කියයි

විදුලි බිලෙහි සංශෝධනයක් සිදු නොවන බවත්, ඒ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට කිසිදු සූදානමක් නොමැති බවත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා.
විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කොළඹ ඊයේ (15) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ විදුලි බිල සඳහා ද මිල සුත්‍රයක් හඳුන්වාදීමේ සූදානමක් පවතින බවයි.