Gossips

විදුලිබල මණ්ඩලයේ නිළධාරින් දෙදෙනෙකුට පහරදුන් ව්‍යාපාරිකයෙකු රිමාන්ඩ්

ලංකා විදුලිබල මණ්ඩලයේ නිළධාරින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තඹුත්තේගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කැකිරාව විදුලි අධිකාරිවරයාගේ නියෝගයක් මත විදුලි බිල් ගෙවීම පැහැර හැරිම නිසා එය විසන්ධි කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුව පහරකෑමට ලක්වු ලංකා විදුලි බල මණ්ඩලයේ නිළධාරි කළ පැමිණිල්ලකට අනුව අද පෙරවරුවේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද කිත්සිරි සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.