Gossips

විදුලිබල මණ්ඩලයේ දූෂණ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් පැය 4ක් ජනාධිපති කොමිසමට ප්‍රකාශයක්

ලංකා විදුලිබල මණ්ඩලයේ වංචා දූෂණ සම්බන්ධයෙන් ඊයේ පැය 4 කට ආසන්න කාලයක් විදුලිබල අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
විදුලිබල මණ්ඩලය සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගැනීම සහ ඉන්ධන ගෙන්වීමේදී සිදුව ඇතැයි කියන මෙම වංචා සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ අමාත්‍ය පාඨලී චම්පික රණවකයි.
ඒ අනුව 2015, 2018 කාලසීමාවේ වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ඊට අදාළ විමර්ශන ආරම්භ කළා.
මේ අතර කිරි ගවයන් ආනයනය කිරීම පිළිබඳ පැමිණිලි විභාගයේදී සාක්ෂි දුන් මස්කෙලිය – ලැමමෝර් සත්ත්ව ගොවිපළේ සභාපති අමල් සූරියගේ සඳහන් කර තිබුණේ ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පිරිසක් තම මස්කෙළියේ වත්තට ඇතුලුවී ක්‍රියාකාර ඇති බවයි.
ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ පිරිසක් ඒ අතර සිටින බවද ඔහු සඳහන් කර තිබුණා. ඒ අනුව සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව නියෝග කර තිබුණා.