Gossips

විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය, අද කෝප් කමිටුවට

ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට මෙලෙස කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි.
එමෙන්ම මහජන උපයෝගීත කොමිසමේ සභාපතිවරයා ද කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතයි.
එස්. පවර් නැමැති පෞද්ගලික විදුලි බලාගාරයක් මගින් විදුලිය මිලදී ගැනීමට තුන් අවුරුදු ගිවිසුමකට එළඹීම සහ කෙරවලපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීම ඇතුළු ගනුදෙනු පිළිබඳව ඔවුන්ගෙන් මෙහිදී ප්‍රශ්න කරනු ඇති.