Gossips

විදුලිබල ඇමතිගෙන් නිලධාරීන්ට උපදෙස්

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අදාළ නිලධාරින් උපදෙස් ලබාදී තිබෙනවා.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය, පරමාණුක බලශක්ති මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පරමාණු ශක්ති නියාමන සභාව, ලංකා විදුලි පෞද්ගලික සමාගම, ලංකා ගල් අඟුරු සමාගම සහ ලංකා ට්‍රාන්ස්පෝමර් යන ආයතනවල ප්‍රගතිය සමාලෝචන රැස්වීමට ඊයේ සහභාගි වෙමින්.
එමෙන්ම ඉදිරියේදී මොනරාගල – සියඹලාන්ඩුව ප්‍රදේශයේ මෙගා වොට් 100 ක සූර්ය බල ව්‍යාපෘතියක් ඉදිකිරීමටත් 2020 වනවිට මන්නාරම දිස්ත්‍රික්කයේ මෙගාවොට් 100 ක සූර්ය බල ව්‍යාපෘතිය ජාතික පද්ධතියට එක් කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.