Gossips

විදුලිබල අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විටින් විට විදුලිය අක්‍රිය විය හැකි බව විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අද අක්‍රිය වුණා.
ඒ හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කළ බවයි විදුලිබල අමාතයාංශය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, ඇතැම් ප්‍රදේශවලට තවමත් විදුලිය ලැබී නොමැති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දහවල් මෙම ජනන යන්ත්‍රය අක්‍රිය වී ඇති බවයි.
එම නිසා පද්ධතියේ සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඇතැම් ප්‍රදේශවලට පැය 3 කට ආසන්න කාලයක් විදුලි සැපයුම විසන්ධි කිරීමට සිදුවන බව එහි ප්‍රකාශකයෙකු කියා සිටියා.