Gossips

විද්‍යුත් තැපෑලෙන් ගණුදෙනු පරිස්සමෙන් – ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක්

අන්තර්ජාලය හරහා සිදුකෙරෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් අවධානයෙන් සිටිය යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ ව්‍යාපාරිකයින් විසින් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවීම් සිදුකරන ගිණුම් පිළිබඳව තහවුරු කර ගැනීමකින් අනතුරුව අදාළ ගෙවීම් සිදුකරන ලෙසයි.
විද්‍යුත් තැපෑලට පිවිස වංචනිකයින් විසින් යොමුකරනු ලබන ඔවුන්ගේ ගිණුම්වල අංක ඇතුළත් පණිවුඩ හරහා මෙලෙස මුල්‍ය වංචා සිදුකරන බවටයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ලැබී ඇත්තේ.
එලෙස පැමිණිලි 10 ක් පමණ මේ වසර තුළ ලැබී ඇති බවද එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියා