Gossips

විජේපාලට කොඩිවින ?

ඉඩම් සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් ගාල්ල – කුරුදුවත්ත – රුහුණු ගුරු විද්‍යා පීඨයේ අද (16) පැවති රජයේ ඉඩම් ඔප්පු ලබා ගැනීම පිළිබදව දැනුවත් කිරීමේ උත්සවයකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ආවේගයෙන් යුතුව අදහස් පළ කළා.
ඒ, තමන් එක්සත් ජාතික පක්ෂ අක්මීමන ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට බලි තොවිල් සංවිධාන කළ පුද්ගලයින් උත්සව සභාවේ සිටින බව පවසමින්.
කෙසේ වෙතත්, ඊට එක්ව සිටි අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලක්ෂ්මන් හේවගේ සහ ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස මේ වනවිට කටයුතු කරන කමල් පෙරේරා මෙම චෝදනාව සම්බන්ධයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.
එහිදී අක්මීමන ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලක්ෂ්මන් හේවගේ කියා සිටියේ ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි උත්සවයට සහභාගි වූ බවයි.
විජේපාල මන්ත්‍රීවරයා කොඩිවින වලට බිය නොමැති බව ප්‍රකාශ කළත් දඩුවම් ලැබෙන තුරු ඒවා සිදුකරන බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.