Gossips

විජේදාස රාජපක්ෂ ජනපති පරීක්ෂණ කොමිසමට පැමිණීමට නොහැකි බව දන්වයි

2015 / 2018 වර්ෂවල රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද දින කැඳවා තිබුණත් ඔහුට පැමිණීමට නොහැකි බව දැනුම් දී තිබෙනවා.
බිරිඳගේ අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගත වීමට සිදුවන බවයි ඔහු ජනාධිපති කොමිසම වෙත ප්‍රකාශ කර ඇත්තේ. තමන්ට ලබන මස 4 වනදා ප්‍රකාශය ලබාදීමට අවස්ථාව ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.
ඔහු විසින් මෙම කොමිසමට ඉදිරිපත් කරන ලද සුරක්ෂා රක්ෂණාවරණය සහ මහපොල භාරකාර අරමුදල සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අදාළවයි මෙලෙස අද දිනයේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට කැඳවා තිබුණේ.rn